පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා අයත් දෙයක් කම් පල සලකා දීම දාන නම් වේ. අභිධර්ම ක්‍රමයෙන් කියත හොත් තමා අයත් දෙය දීම් වශයන් උපදනා චේතනාව දාන යැයි කියනු ලැබේ.

🌺ගුරු වෘත්තිය සමාජයේ තිබෙන ශ්රේෂඨතම වෘත්තියකි. තමන් ඉගෙනගත් දැනුම මතු පරපුරට දායාද කරන්නට ලැබීම ගුරු වෘත්තියේ නියුතු කෙනෙකුට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. බොහෝ අයට තමන් කොතරම් දැනුම එකතු කරගත්තත් එය තවත් පිරිසකට දායාද කරන්න අවස්ථාව ලැබෙන්නේ ඉතා සීමිතවයි. නමුත් ගුරුවරයෙකුට තමන් ඉගෙන ගත් දේ දරුවන්ට දායාද කරමින් සමාජයට යහපත් පුරවැසියන් බිහිකරන්නට අවස්ථාව ලැබේ. එනිසාම ගුරු වෘත්තිය අනෙක් වෘත්තීන්ට වඩා වෙනස් වේ.

මොහු නමින් ජම්බුක ආජීවකයා ය. මොහු දැන තේරෙන වයසේ සිට ආහාර ලෙස අනුභව කරනුයේ අසූචි ය. වෙන කිසිවක් නොක යි. මේ නිසා දෙමව්පියෝ ආජීවකයන්ට භාර දුනි. එහිදී ආජීවකයෝ තල් ඇටයක් ගෙන මොහුගේ කෙස් එක එක උඟුලා දමා මොහු මහණ කළේ ය. මොහු දැන තේරෙන වියේ පටන් නිර්වස්ත්‍රව සිටිති. වස්ත්‍ර නො අඳිති, ඇඳක නො සැතපෙති, බිම ම නිදති. දිනක් සුගතයන් වහන්සේ මොහු සිටින තැනට වැඩ එහි එක් තැනක නවාතැන් ගෙන මොහු දමනය කළ සේක. එහිදී ඔහුට මෙසේ වීමට කළ පූර්ව කර්මය ද වදාළ සේක.